එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහවැලි ගංගා ද්‍රෝණි සංවර්ධන වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වන දේශගුණික විපර්යායන්ට අනුහුරු වීමේ ව්‍යාපෘතිය යටතේ 2018 මාර්තු මස 01,02 හා 03 යන දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර ඒ සදහා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් ඇතුලු ක්ශේත්‍ර නිලධාරීන් රැසක් ඊට සහභාගි විය.
මෙහිදී කාබනික වගාව ප්‍රජාව අතර ව්‍යාප්ත කරවීම, විශේෂ වියාපෘති මගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම හා ජල හා පාංශු සංරක්ෂණ පිළිබද විශේෂ පුහුණු වැඩසටහන් රැසක් සිදු කෙරිණි.
No comments:
Post a Comment